ghj

Advertisements

Face Book Page

Popular Posts

Powered by Blogger.

Image Gallery



ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ.

දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ.

ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේදී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි.

2017 වන විට මේවා 3000ක් ඇමරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.


එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 650ක් අඛණ්ඩව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.

මෙය සාම්ප‍්‍රදායික ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට‍්‍රල්, ඞීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකි වීම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයට සාපේක්‍ෂ තවත් වාසියක් ලෙස සැලකේ.

හයිඩ‍්‍රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක්ද වනු ඇත.

ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන්ම හයිඩ‍්‍රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග‍්‍රහණයක් බවයි.

0 comments

Post a Comment

Advertisements

Mini Gossip

Sinhala Chat

Advertisement

Alexsa Rank